
ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායී මූල්‍ය පහසුකම් ගන්න ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම්වලට ලෝක බැංකුවේ අනුමැතිය – ජනාධිපති
ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායී මූල්‍ය පහසුකම් ගන්න ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම්වලට ලෝක බැංකුවේ අනුමැතිය – ජනාධිපති
කර්තෘ Staff Writer .
COLOMBO (News 1st) – ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ජීවනෝපාය ආරක්ෂා කිරීමට උදව් කිරීම සඳහා ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීමට, ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් ලෝක බැංකුව අනුමත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය අද (06) නිවේදනය කළේ ය.
මෙරටට පැමිණි ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා ඇතුලු බහු පාර්ශ්වික ණයදෙන ආයතන සමග ජනාධිපතිවරයා අද කොළඹදී දීර්ඝ වට මේස සාකච්ඡාවක් පවත්වා ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බව එහිදී තීරණය කළ බවයි.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී “ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය කිරීම ඇතුළත් දීර්ඝකාලීන සංවර්ධන දැක්ම" බහු පාර්ශ්වික ණය දෙන ආයතන නියෝජිතයින්ට ඉදිරිපත් කර තිබේ.
මෙම සාකච්ඡාවට, ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රයිසර්, ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ෂික්සින් චෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ, ආචාර්ය උර්ජිත් පටෙල් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියේ ය.
- තුර්කියේ භූ කම්පනවලින් පසු අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකතනය හමුවෙයි
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
- විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි