ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 06-12-2022 | 5:56 AM

1. ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි: දෙදෙනෙකු මරුට: දෙබත්ගම ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් ත්‍රීරෝද රථයක ගමන් ගත් පුද්ගලයින් 4 දෙනෙකු අනතුරට ලක්ව දෙදෙනෙකු එම ස්ථානයේදී ජීවිතක්ෂයට පත්විය.

2. ලංගම සභාපතිට වහා ඉල්ලා අස්වන්නැයි ඇමති බන්දුලගෙන් දැනුම් දීමක්: ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතාට වහාම එම ධූරයෙන් ඉල්ලා අස්වන්නැයි, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් දැනුම් දී තිබේ.

3. සුදු ඩීසල් මිල පහළට: ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීරයක මිල රුපියල් 10 කින් පහළ දැමීමට තීරණය කර තිබේ. 

4. ලිට්‍රෝ ගෑස් මිල ඉහළට:  මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇති බව ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

5. සුඛෝපභෝගී අසමාරා ක්වෙස්ට් නෞකාව හම්බන්තොටට: සුඛෝපභෝගී අසමාරා ක්වෙස්ට් නෞකාව ඊයේ (05) පෙරවරුවේ හම්බන්තොට වරායට සේන්දු විය.