
ක්‍රොඒෂියාව හා බ්‍රසීලය ලෝක කුසලාන පාපන්දු සටනේ අර්ධ අවසන් පූර්ව වටයට
ක්‍රොඒෂියාව හා බ්‍රසීලය ලෝක කුසලාන පාපන්දු සටනේ අර්ධ අවසන් පූර්ව වටයට
කර්තෘ Staff writer
News 1st – ක්‍රොඒෂියාව 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගෙන තිබේ.
ඒ, ජපානයට එරෙහිව පැවති තරගය දඬුවම් පහර 3ට 1ක් ලෙස ජය ගැනීමත් සමගයි.
කටාර්හී අල් ජනොවුබ් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු අර්ධයේදී ගෝල 1ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට ජපානය සමත් විය.
දෙවන අර්ධයේදී ක්‍රොඒෂියාව ගෝලයක් රැස් කළ අතර එම අර්ධයේදී ජපානයට ගෝල රැස් කිරීමට හැකි වූයේ නැත.
තරගයේ නියමිත කාලය අවසන් වුණේ ගෝල 1ට 1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසු වෙමිනි.
තරගයේ ජයග්‍රහණය තීරණය කිරීමට දඬුවම් පහර ලබාදීමට විනිසුරුවරු තීරණය කළහ.
ඒ අනුව ක්‍රොඒෂියාව දඬුවම් පහර 3ට 1ක් ලෙස තරගය ජය ගෙන තිබේ.
මේ අතර ප්‍රබල බ්‍රසීල කණ්ඩායම ද 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.
ඒ දකුණු කොරියාවට එරෙහිව පැවති තරගය ගෝල 4ට 1ක් ලෙස ජය ගැනීමත් සමගයි.
මෙම තරගය කටාර්හී නයින් සෙවන් ෆෝ ක්‍රීඩාංගණයේදී පැවැත්විය.
ආරම්භයේ සිටම විශිෂ්ට තරගකාරීත්වයක් ලබා දුන් බ්‍රසීල කණ්ඩායම පළමු අර්ධයේ පෙරමුණ ගත්තේ ගෝල 4ට 0ක් ලෙසයි.
දෙවන අර්ධයේදී දකුණු කොරියාව ගෝලයක් රැස් කළ අතර එම අර්ධයේදී බ්‍රසීල කණ්ඩායමට ගෝල රැස් කිරීමට හැකි වුයේ නැත.
ඒ අනුව තරගයේ නියමිත කාලය අවසානයේ ගෝල 4ට 1ක් ලෙස ප්‍රබල බ්‍රසීල කණ්ඩායම තරගය ජය ගත්තේ ය.
2022 ලෝක කුලසාල පාපන්දු තරගාවලියේ සියලු තරග අදත් TV1 නාලිකාව තුළින් ඔබට සජීවීව නැරඹිය හැකියි.
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
- විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි
- තුර්කියේ මුදා ගැනීම්වලට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්