.webp)
COLOMBO ( News 1 st ) – සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.
එම සේවකයින් පසුගිය සිකුරාදා සිට වැඩ වර්ජනයකට අවතීර්ණ වූයේ එම සීනි කර්මාන්ත ශාලාවල සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනක නිමලචන්ද්‍ර මහතා වෙනුවට වැඩ බලන සභාපතිවරයෙකු පත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිවයි.
ගැටලුවට ලිඛිත විසඳුමක් ලැබෙන තුරු සිය වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව ප්රගතිශීලී සේවක සංගමයේ ලේකම් සිසිර කුමාර මහතා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, සිය වැඩ වර්ජනය හේතුවෙන් සීනි කර්මාන්ත ශාලාවල නඩත්තු කටයුතු ද ඇණහිට ඇති බවයි.