.webp)
COLOMBO (News 1st) - සුඛෝපභෝගී අසමාරා ක්වෙස්ට් නෞකාව අද (05) පෙරවරුවේ හම්බන්තොට වරායට සේන්දු විය.
ඒ, සංචාරකයින් 454ක් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 402කු සමගය.
පෙරේදා (03) ලංකාවට පැමිණි සුඛෝපභෝගී අසමාරා ක්වෙස්ට් නෞකාව, හම්බන්තොට වරායට පැමිණි දෙවන මගී ප්‍රවාහන නෞකාවයි.
නෞකාව දිගින් මීටර 181 ක් සහ පළලින් මීටර 25.4 ක් වේ
අසමාරා ක්වෙස්ට් නෞකාව ශ්‍රී ලංකාවට පැමිණියේ ඉන්දියාවේ කොචින් වරායේ සිටයි.
නෞකාවේ සිටින සංචාරකයින් අද (05) යාල ජාතික වනෝද්‍යානය සහ හම්බන්තොට නගරයේ සංචාරක ආකර්ශනය දිනූ ස්ථාන ගණනාවක සංචාරය කරනු ලැබීය.