.webp)
නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කළේ, අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි.
රජයේ ප්‍රතිපත්තිමය තීරණ මත ජනතාවට පහසුකම් සැලසීම හා ප්‍රවාහන සේවය නගා සිටුවීමට හා කාර්යක්ෂම කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගවලට අවනත නොවීම හේතුවෙන් ඔහුට ඉල්ලා අස්වන්නැයි දැනුම් දුන් බව අදාළ නිවේදනයේ සදහන් වේ.
අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීන්දු තීරණ අධ්යක්ෂ මණ්ඩලය විසින් හිතාමතාම ක්‍රියාත්මක නොකිරීම මෙම ඉවත් කිරීම සඳහා ආසන්නතම හේතුව බව එම නිවේදනයෙන් පෙන්වා දෙයි.
අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ඒ අනුව, කිංස්ලි රණවක මහතා දැරූ ලංගම සභාපති ධූරයෙන් මෙන්ම ලං.ග.ම. අධ්යක්ෂ මණ්ඩලයෙන් ද ඉල්ලා අස්වන්නැයි ඔහුට දැනුම් දී ඇති බවයි.