FIFA : ප්‍රංශය අර්ධ අවසන් පූර්ව වටයට

ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට

by Staff writer 05-12-2022 | 7:18 AM

COLOMBO ( News 1 st ) - වත්මන් ලෝකශූර ප්‍රංශය 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. 

කටාර්හී අල් තුමාමා ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධයේදී ප්‍රබල ප්‍රංශ කණ්ඩායම තරගයේ පෙරමුණ ගත්තේ ගෝල 1 - 0ක් ලෙසයි.

තරගයේ දෙවන අර්ධයේ දී ප්‍රංශය ගෝල 2ක් රැස් කළ අතර පෝලන්තය එම අර්ධයේදී ගෝලයක් රැස් කිරීමට සමත් විය.

ඒ අනුව ගෝල 3 - 1ක් ලෙස ප්‍රංශය තරගය ජය හිමිකර ගතේ ය.

මේ අතර  සෙනගාල් රාජ්‍ය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට එංගලන්තය සමත් විය.

කටාර්හී අල් බයිට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු අර්ධයේදී ගෝල 2 -  0ක් ලෙස එංගලන්ත කණ්ඩායම තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය.

දෙවන අර්ධයේදී එංගලන්තය තවත් ගෝලයක් රැස් කළ අතර සෙනගාල් කණ්ඩායමට එම අර්ධයේදී ද ගෝල රැස් කිරීමට නොහැකි වූ අතර ඒ අනුව ගෝල 3 - 0ක් ලෙස ප්‍රබල එංගලන්ත කණ්ඩායම තරගය ජය ගැනීමට සමත් විය.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සියලු තරග TV -1   නාලිකාව ඔස්සේ ඔබට සජීව ලෙස නැරඹිය හැකියි.