.webp)
පොලිසිය පැවසුවේ, අදාළ ආපනශාලවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සහ මත්පෙති 38ක් සොයා ගත් බවයි.
ගම්පහ මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ පාසලක ආපන ශාලාවක තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති කිහිපයක් සොයා ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 ක් සහ මත්පෙති 38 ක් ආපනශාලා පරිශ්‍රයෙන් සොයාගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ආපන ශාලාව පවත්වාගෙන ගිය 42 හැවිරිදි කාන්තාවක් පොලිස් භාරයට ගෙන ඇති තිබේ.
මේ අතර පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්පෙති ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඔවුන් සතුව තිබී සොයා ගෙන ඇති මත්පෙති සංඛ්‍යාව 400 කට අධික වේ.