කිලිනොච්චියේදී බස් රථයක් අනතුරට

කිලිනොච්චියේදී බස් රථයක් පෙරළී මගීන් 22කට තුවාලයි

by Staff writer 05-12-2022 | 10:08 AM

COLOMBO ( News 1 st ) - අද(05) අලුයම 4.40 ට පමණ කොළඹ සිට යාපනය බලා ධාවනය වූ බස් රථයක් කිලිනොච්චිය 248 කණුව ප්‍රදේශයේදී අනතුරට ලක් වී තිබේ.

 පොලීසිය පැවසුවේ, අනතුරින් පුද්ගලයින්  22 දෙනෙකු  තුවාල ලබා ඇති බවයි. 

 කිලිනොච්චිය ප්‍රදේශයේ දී බස් රථය පෙරළී යාමෙන් අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 32 දෙනෙකු එහි ගමන් කරමින් සිට ඇත. 

අප වාර්තාකරු සඳහන්  කළේ තුවාල ලැබූවන් අතර අවුරුදු එක හමාරක පිරිමි දරුවකු ද සිටින බවයි.

තුවාල ලැබූ පිරිස කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර කිලිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.