අමෙරිකාවේ දේශගුණ සැලසුම ආක්‍රමණශීලියි

අමෙරිකාවේ දේශගුණ සැලසුම ආක්‍රමණශීලියි - යුරෝපා සංගමය

by Staff writer 05-12-2022 | 7:14 AM

COLOMBO ( News 1 st ) - අමෙරිකාවේ දේශගුණ සැලැස්මේ ඇතැම් විකෘති කිරීම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් ක්‍රියා කළ යුතු බව යුරෝපා සංගමය පවසයි.

එහි සභාපතිනිය ප්‍රකාශ කරන්නේ,අමෙරිකාව ඉදිරිපත් කළ ඩොලර් බිලියන 430 ක දේශගුණික සැලැස්මේ වෙනස් විය යුතු තැන් කිහිපයක්ම පවතින බවයි .

ඊට අදාළ නීති යුරෝපා සංගමය විසින් සකස් කළ යුතු බවද  ඇය අවධාරණය කර තිබේ.

යුරෝපා සංගමය අවධාරණය කරන්නේ , දේශගුණ අර්බුදයට මුහුණ දීම සඳහා සකස් කරන  ලද සැලැස්ම ඉතා ආක්‍රමණශීලී සැලැස්මක් බවයි .

මෙම සැලැස්ම හරහා විදුලි මෝටර් රථ මිලදී ගැනීම, තාප පොම්ප භාවිතය මෙන්ම විදුලි  උඳුන් මඟින් ආහාර පිසීම දිරිගන්වා තිබේ.