
ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට
ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – වත්මන් ලෝකශූර ප්‍රංශය 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.
කටාර්හී අල් තුමාමා ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධයේදී ප්‍රබල ප්‍රංශ කණ්ඩායම තරගයේ පෙරමුණ ගත්තේ ගෝල 1 – 0ක් ලෙසයි.
තරගයේ දෙවන අර්ධයේ දී ප්‍රංශය ගෝල 2ක් රැස් කළ අතර පෝලන්තය එම අර්ධයේදී ගෝලයක් රැස් කිරීමට සමත් විය.
ඒ අනුව ගෝල 3 – 1ක් ලෙස ප්‍රංශය තරගය ජය හිමිකර ගතේ ය.
මේ අතර සෙනගාල් රාජ්‍ය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට එංගලන්තය සමත් විය.
කටාර්හී අල් බයිට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු අර්ධයේදී ගෝල 2 – 0ක් ලෙස එංගලන්ත කණ්ඩායම තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය.
දෙවන අර්ධයේදී එංගලන්තය තවත් ගෝලයක් රැස් කළ අතර සෙනගාල් කණ්ඩායමට එම අර්ධයේදී ද ගෝල රැස් කිරීමට නොහැකි වූ අතර ඒ අනුව ගෝල 3 – 0ක් ලෙස ප්‍රබල එංගලන්ත කණ්ඩායම තරගය ජය ගැනීමට සමත් විය.
2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සියලු තරග TV -1 නාලිකාව ඔස්සේ ඔබට සජීව ලෙස නැරඹිය හැකියි.
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක
- රටේ දියුණුව වෙනුවෙන් එකාවන්ව පෙළගැසී රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීමක් – අගමැති දිනේෂ් ගුණවර්ධන
- තරගකාරී ලෝක ආර්ථිකයේ නව ඉසව් කරා අපි කඩිනමින් පිය නැගිය යුතුයි! – ජනපති
- අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී…
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්