
තෙවැනි පාසල් වාරය අදින් ඇරඹේ..
තෙවැනි පාසල් වාරය අදින් ඇරඹේ..
කර්තෘ Staff writer
COLOMBO (News 1 st ) – රජයේ හා රජයේ අනුමත සියලු පාසල්වල තුන්වැනි වාරය අද(05) ආරම්භ වන අතර දෙවන පාසල් වාරය පසුගිය සිකුරාදා අවසන් විය.
මේ අතර නත්තල වෙනුවෙන් ලබන 22 වැනිදා පාසල්වලට නිවාඩු ලබාදෙන අතර යළිත් පාසල් ආරම්භ වන්නේ ජනවාරි 2 වැනිදායි.
යළිත් වරක් අ.පො.ස. උසස්පෙළ විභාගය සඳහා ජනවාරි 20 වැනිදා පාසල්වලට නිවාඩු ලබාදෙන අතර පෙබරවාරි 20 වැනිදා යළිත් පාසල් ආරම්භ වනු ඇති.
පාසල්වල තෙවැනි පාසල් වාරය මාර්තු 24 වැනිදායින් අවසන් වීමට නියමිතයි.
මේ අතර 2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම අද(05) සිට අත්හිටුවා තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ 2023 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කරනු ලබන්නේ, 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය අවසන් වන 2023 මාර්තු මස 24 දිනට පසුව බවයි.
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරනු ලබන චක්‍රලේඛ අනුව පමණක් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවද, අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරන අතර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන්, තමන් හදාරන විෂය ධාරාව ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාළ පාසලටම යොමු කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.
- ඉල්ලන ඕනෑම අවස්ථාවක තුර්කියේ මුදා ගැනීමේ මෙහෙයුම්වලට සහය වන්න ශ්‍රී ලංකාවත් සූදානම්
- තුර්කියේ භූ කම්පනවලින් පසු අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකතනය හමුවෙයි
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..