
ගම්පහ පාසලක ආපනශාලාවක තිබී මත්ද්‍රව්‍ය හා මත්පෙති සොයා ගනී
ගම්පහ පාසලක ආපනශාලාවක තිබී මත්ද්‍රව්‍ය හා මත්පෙති සොයා ගනී
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – ගම්පහ,මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පාසලක ආපනශාලාවක තිබී මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සොයා ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, අදාළ ආපනශාලවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සහ මත්පෙති 38ක් සොයා ගත් බවයි.
ගම්පහ මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ පාසලක ආපන ශාලාවක තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති කිහිපයක් සොයා ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 ක් සහ මත්පෙති 38 ක් ආපනශාලා පරිශ්‍රයෙන් සොයාගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ආපන ශාලාව පවත්වාගෙන ගිය 42 හැවිරිදි කාන්තාවක් පොලිස් භාරයට ගෙන ඇති තිබේ.
මේ අතර පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්පෙති ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඔවුන් සතුව තිබී සොයා ගෙන ඇති මත්පෙති සංඛ්‍යාව 400 කට අධික වේ.
- අද (27) මධ්‍යම රාත්‍රී සිට පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පවිත්‍රා වන්නිආරච්චිගේ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක්..
- සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ..
- නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ.