
කිලිනොච්චියේදී බස් රථයක් පෙරළී මගීන් 22කට තුවාලයි
කිලිනොච්චියේදී බස් රථයක් පෙරළී මගීන් 22කට තුවාලයි
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – අද(05) අලුයම 4.40 ට පමණ කොළඹ සිට යාපනය බලා ධාවනය වූ බස් රථයක් කිලිනොච්චිය 248 කණුව ප්‍රදේශයේදී අනතුරට ලක් වී තිබේ.
පොලීසිය පැවසුවේ, අනතුරින් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
කිලිනොච්චිය ප්‍රදේශයේ දී බස් රථය පෙරළී යාමෙන් අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 32 දෙනෙකු එහි ගමන් කරමින් සිට ඇත.
අප වාර්තාකරු සඳහන් කළේ තුවාල ලැබූවන් අතර අවුරුදු එක හමාරක පිරිමි දරුවකු ද සිටින බවයි.
තුවාල ලැබූ පිරිස කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර කිලිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක
- රටේ දියුණුව වෙනුවෙන් එකාවන්ව පෙළගැසී රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීමක් – අගමැති දිනේෂ් ගුණවර්ධන
- තරගකාරී ලෝක ආර්ථිකයේ නව ඉසව් කරා අපි කඩිනමින් පිය නැගිය යුතුයි! – ජනපති
- අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී…
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්