අමෙරිකාවේ දේශගුණ සැලසුම ආක්‍රමණශීලියි – යුරෝපා සංගමය

අමෙරිකාවේ දේශගුණ සැලසුම ආක්‍රමණශීලියි – යුරෝපා සංගමය

අමෙරිකාවේ දේශගුණ සැලසුම ආක්‍රමණශීලියි – යුරෝපා සංගමය

කර්තෘ Staff writer

05 Dec, 2022 | 7:14 am

COLOMBO ( News 1 st ) – අමෙරිකාවේ දේශගුණ සැලැස්මේ ඇතැම් විකෘති කිරීම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් ක්‍රියා කළ යුතු බව යුරෝපා සංගමය පවසයි.

එහි සභාපතිනිය ප්‍රකාශ කරන්නේ,අමෙරිකාව ඉදිරිපත් කළ ඩොලර් බිලියන 430 ක දේශගුණික සැලැස්මේ වෙනස් විය යුතු තැන් කිහිපයක්ම පවතින බවයි .

ඊට අදාළ නීති යුරෝපා සංගමය විසින් සකස් කළ යුතු බවද  ඇය අවධාරණය කර තිබේ.

යුරෝපා සංගමය අවධාරණය කරන්නේ , දේශගුණ අර්බුදයට මුහුණ දීම සඳහා සකස් කරන  ලද සැලැස්ම ඉතා ආක්‍රමණශීලී සැලැස්මක් බවයි .

මෙම සැලැස්ම හරහා විදුලි මෝටර් රථ මිලදී ගැනීම, තාප පොම්ප භාවිතය මෙන්ම විදුලි  උඳුන් මඟින් ආහාර පිසීම දිරිගන්වා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]