
III වන චාර්ල්ස් රජුට පළඳන බ්‍රිතාන්‍ය රාජකීය කිරුළ වෙනස් වෙයි..
III වන චාර්ල්ස් රජුට පළඳන බ්‍රිතාන්‍ය රාජකීය කිරුළ වෙනස් වෙයි..
කර්තෘ Chathurika Jayasundara
COLOMBO (News 1st) – දෙවන එලිසබෙත් රැජිණ පැළඳි රාජකීය කිරුළ නවීකරණය කිරීමට තීරණය කර ඇතැයි බකිංහැම් මාලිගාව නිවේදනය කරයි.
ඒ, III වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් ය.
බකිංහැම් මාලිගාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, රාජාභිෂේකය වෙනුවෙන් කිරුළ ලන්ඩන් කුළුණෙන් ඉවතට ගෙන නවීකරණ කටයුතු ආරම්භ කර ඇති බවයි.
1952දී දෙවන එලිසබෙත් රැජිණගේ රාජාභිෂේකයේදී මෙම කිරුළ ඇයට පැළඳිණි.
මැණික්, ඇමතීස්ට්, නිල් මැණික්, ගාර්නට්, තෝපස් සහ ටුවර්මැලයින් වලින් ඔබ්බවන ලද එය 1661දී දෙවන චාර්ල්ස් රජු වෙනුවෙන් සාදන ලදී.
එය පැළඳීමට බර වැඩි නිසා වසර සිය ගණනක් තිස්සේ ඔටුන්න රැගෙන ගියේ රාජාභිෂේක පෙරහැරවල පමණි.
1911දී පස්වන ජෝර්ජ් රජුගේ රාජාභිෂේකය සඳහා එය සැහැල්ලු වන පරිදි වෙනස් කරන ලද නමුත්, තවමත් බර කිලෝග්‍රෑම් 2.23 (රාත්තල් පහකට ආසන්න)කි.
මෙම රාජාභිෂේකය එළැඹෙන වසරේ මැයි මස පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ, දෙවන එළිසබෙත් රැජිණගේ අභාවයෙන් මාස 08කට පසුව යි.
II එළිසබෙත් රැජිණගේ රාජාභිෂේකය පැය 3ක පමණ කාලයක් පැවතුණ ද , III වන චාර්ල්ස් රජුගේ රාජාභිෂේකය පැයක පමණ කාලයකට තුළ සිදු කිරීමට අපේක්ෂා කරන බව බකිංහැම් මාලිගාව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
රාජාභිෂේකයට සහභාගී වන අමුත්තන්ගේ සංඛ්‍යාවද සීමා කර ඇති අතර, චාරිත්‍ර ගණනාවක් සිදු නොකෙරෙනු ඇති.
රාජාභිෂේකයෙන් පසු කිරුළ නැවතත් ලන්ඩන් කුළුණේ තැන්පත් කිරීමට නියමිතය.
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු ලබන සඳුදා
- බැඳුම්කර හිමියන්ගේ එකතුවෙන් IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක්
- 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර ගත සිරකරුවන් 588කට සහ රැඳවියන් 31ට ජනාධිපති සමාව
- ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට
- PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බවට ජනපතිට දැනුම් දෙයි
- නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්..
- විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී
- මින් පසු ‘Slave Island’ නෑ… කොම්පඤ්ඤ වීදිය පමණයි
- කරු ජයසූරිය මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි
- අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුවෙන් මතුවෙයි