-510954_850x460.jpg)
2022 පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පුර්ව වටයට පිවිසි පළමු රට බවට නෙදර්ලන්තය පත්වෙයි
2022 පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පුර්ව වටයට පිවිසි පළමු රට බවට නෙදර්ලන්තය පත්වෙයි
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ පළමු තරගය අමෙරිකා කණ්ඩායම පරාජය කරමින් ජය ගැන්මට නෙදර්ලන්තය සමත් විය.
කටාර්හි කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් අතර ගෝල රැස් කිරීම ආරම්භ කළේ නෙදර්ලන්තයයි.
තරගයේ 10වන විනාඩියේදී මෙම්ෆිස් ඩිපේ නෙදර්ලන්තය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ ය.
පළමු අර්ධය අවසානයේ ලැබූ අතිරේක කාලයේ පළමු මිනිත්තුවේදී නැවතත් ක්‍රියාත්මක වන නෙදර්ලන්තය දෙවන ගෝලය වාර්තා කළ අතර එම ගෝලයට හිමිකම් කීවේ ඩේලි බ්ලින්ඩ්.
ඒ අනුව පළමු අර්ධය නිමා වුණේ ගෝල 2 ට 0 ක් ලෙසයි.
දෙවන අර්ධයේ 76 වන විනාඩියේදී අමෙරිකා කණ්ඩායම ගෝලයක් රැස් කළ අතර අමෙරිකාව වෙනුවෙන් එම ගෝලය වාර්තා කළේ හාජි රයිටි.
දෙවන අර්ධයේ 81 විනාඩියේදී ක්‍රියාත්මක වු නෙදර්ලන්තය තවත් ගෝලයක් වාර්තා කළ අතර එම ගෝලයත් සමඟින් තරගයේ අවසන් ප්‍රතිඵලය දැක්වුනේ ගෝල 3 – 1ක් ලෙසයි.
මෙම ජයත් සමගින් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට පිවිසි පළමු රට බවට නෙදර්ලන්තය පත් විය.
- ගිනිගත්හේනේ නිවසක අබිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්
- අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන දෙන්න…. ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්
- මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය
- ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
- 20යි 20 ලෝක කුසලාන කාන්තා පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව පැරදු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
- භූ කම්පනවලින් මියගිය ගණන 12,000 පනී.. මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද බවට තුර්කි වැසියන්ගෙන් චෝදනා..
- පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට
- ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි – ලංකා ගල්අඟුරු සමාගම කියයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇරඹු වර්ජනය අද උදෑසන 8.00 න් අවසන්
- ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ