සමාජය තුළින් ග්ලූකෝමා රෝගීන් වාර්තා වීම ඉහළට

හඳුනා නොගත් ග්ලූකෝමා රෝගීන් විශාල සංඛ්‍යාවක්

by Staff writer 04-12-2022 | 7:36 AM

COLOMBO ( News 1 st ) - හඳුනා නොගත් ග්ලූකෝමා රෝගීන් විශාල සංඛ්‍යාවක් සමාජයේ සිටින බව, අක්ෂි රෝග විශේෂඥයින් පවසති.

අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය දිල්රුවනි ආරියසිංහ මහත්මිය ප්‍රකාශ කළේ මුල් අවස්ථාවේ රෝග ලක්ෂණ නොපෙන්වන බවයි.

ග්ලූකෝමා රෝගයෙන් අන්ධභාවය ඇති වූවහොත් නැවත යථා තත්ත්වයට  පත්කිරීමට නොහැකි බවත් මෙහිදී පවතින්නේ අන්ධභාවය  වළක්වා  ගත හැකි ක්‍රම පමණක් බවත් ඇය ප්‍රකාශ කළා ය.

ඇය වැඩිදුරටත් පැවසුවේ ග්ලූකෝමා රෝගීන් මුල් අවස්ථාවේදීම  හඳුනා ගත යුතු බවයි.

මේ වන විටත්  සමාජය තුළ හඳුනා නොගත් රෝගීන් සිටින බවත්, හඳුනා ගත් රෝගීන්ද විශාල සංඛ්‍යාවක්  සිටින බවත්  ඇය ප්‍රකාශ කළා ය.

එසේම දියවැඩියා රෝගීන්ට ග්ලූකෝමා තත්ත්වය ඇතිවීමේ වැඩි අවදානමක් ඇති  බවත් නියොවැස්ත්‍රෝ ග්ලූකෝමා  යන දරුණු තත්වය ද ඇති වීමේ වැඩි ඉඩක් ඇති හෙයින් 
දියවැඩියා රෝගීන්  වසරකට වරක් අක්ෂී  පරීක්ෂාවකට යොමුවන ලෙසත් ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.