සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව app එකක්

සංචාරක ආකර්ෂණය සහිත සෑම මුහුදු තීරයකටම පොලිස් කණ්ඩායමක් ස්ථාන ගතකරන බව, සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය.

by Staff writer 04-12-2022 | 9:13 AM

COLOMBO ( News 1 st ) - ලබන වසරේදී සංචාරකයින් ලක්ෂ 15 මෙරටට ගෙන්වා ගැනීම රජයේ  සැලසුම බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ජංගම යෙදවුමක්ද හඳුන්වා දීමට කටයුතු කරන බවයි.

එය ලබන ජනවාරි මාසයේ දී  භාවිතයට ගැනීමට  නියමිතයි.

මෙම යෙදවුම මඟින් සංචාරකයින්ගේ කැමැත්ත පරිදි ඔවුන් සිටිනා ස්ථානය පිරික්සීමට අවසර ලබාගැනීමට ද නියමිතයි.

ඒ තුළින් ඔවුන් අතරමං වුවහොත් හෝ යම් ආරක්ෂිත පියවරයක් ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ හරහා පියවර ගත හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.