.webp)
COLOMBO (News 1st) – විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් එවන විදේශ මුදල් බලහත්කාරයෙන් රුපියල්වලට පරිවර්තනය කරන බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් අද(05) ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කළේ ය.
එහි දැක්වෙන්නේ, විදෙස් රැකියාවල නිරතව සිටින පුද්ගලයින් මෙරටට එවන විදේශ විනිමය ප්‍රේෂණ මත කිසිදු බදු පැනවීමක් සිදුකර නොමැති බවයි.
මෙරටට එවන විදේශ විනිමය ප්‍රේෂණ විදේශීය ව්‍යවහාර මුදල් වශයෙන්ම තම බැංකු ගිණුම්වල තබා ගැනීම හෝ රුපියල් බවට පරිවර්තනය කිරීම සේවා නියුක්තිකයන්ගේ අභිමතය පරිදි සිදුකළ හැකි බවත් මහ බැංකුව පවසයි.
මහ බැංකුව අවධාරණය කළේ , විදෙස් රැකියාවල නිරත පුද්ගලයින්ට දැනට ලබා දී ඇති විවිධ දිරි දීමනා කිසිදු වෙනසකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.