මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර බෙදා දීම හෙට සිට

මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර බෙදා දීම හෙට සිට

by Staff writer 04-12-2022 | 9:42 AM

COLOMBO ( News 1 st ) - මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර බෙදා දීම හෙට(05)  සිට ආරම්භ කරන බව කොමර්ෂල් පොහොර සමාගම පවසයි.

එහි සභාපති ජගත් පෙරේරා මහතා ප්‍රකාශ  කළේ බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876 ක් මෙවර බෙදා හරින බවයි.

ඊයේ(03) ලැබුණු යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,500ක තොගය බෙදා හැර ඇතැයි ද කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය.

දිස්ත්‍රික්ක 25 සඳහා  යූරියා මෙට්‍රික් ටොන්  54,000 ක්  මේවන විටත් බෙදා හැර ඇති බවත් , එසේම අනුරාධපුර හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක සඳහා  මෙට්‍රික් ටොන් 1000 ක් අද දිනයේ  බෙදා හැරි  බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

ලක්  පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් මඟින් ඉදිරි සතියේදී යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,500 ක බෙදා හැරීම් සිදු කිරීමට නියමිතයි.