බංග්ලාදේශය ඉදිරියේ ඉන්දියාවට අමිහිරි පරාජයක්

බංග්ලාදේශය ඉදිරියේ ඉන්දියාවට අමිහිරි පරාජයක්

by Staff writer 04-12-2022 | 7:48 PM

COLOMBO (News 1st) - ඉන්දියාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 01ක තියුණු ජයක් අද(04) හිමිවිය.

මීර්පූර් හිදී පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 41යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 186 ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 46 ක් අවසානයේ දී කඩුලු 9ක් පමණක් දැවී තිබියදී  ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය. 

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1ට 0ක් ලෙස බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට ඉදිරියෙන් සිටී.