ජර්මනියේ බලශක්ති සැපයුම්කරුවන්ට තහනමක්

ජර්මනියේ බලශක්ති සැපයුම්කරුවන්ට බලශක්ති මිල ඉහළ නැංවීමට තහනමක්

by Staff writer 04-12-2022 | 9:21 AM

COLOMBO ( News 1 st ) - ජර්මානු බලශක්ති සැපයුම්කරුවන්ට ලබන වසරේදී බලශක්ති මිල ඉහළ  නැංවීම තහනම් කිරීමට සැලසුම් කර ඇතැයි ජර්මානු රජය පවසයි. 

ජර්මානු රජය ප්‍රකාශ කරන්නේ  එරට ජනතාවගේ පහසුව උදෙසා එම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව අත්‍යවශ්‍යම අවස්ථාවකදී පමණක් බලශක්ති මිල සංශෝධනය  සඳහා අවසර ලබා දීමට නියමිතව තිබේ.  

කුටුම්භ සහ ව්‍යාපාර සඳහා ඉහළ යන ගෑස් සහ විදුලි බිල්පත් පාලනය කිරීමේ කඩිනම් ක්‍රියාවලියට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි ද එරට බලධාරීන් පෙන්වා දී තිබේ.