ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 04-12-2022 | 6:15 AM

COLOMBO (News 1st) - දේශීය පුවත් 

01.මේ දවස්වල පැතිරෙන වෛරස් රෝගය කුමක් ද?

මේ දිනවල ගමේ ඩිස්පෙන්සරිය ඉස්පිරිතාලෙ OPD එකේ, කැස්ස හෙම්බිරිස්සාව, උණ, ඇඟපත වේදනාව, වැනි රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ වැඩිවීමක් දැක ගත හැකියි.

02.අවිගත් පිරිසක් පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිවසක් කොල්ලකයි..

 අවිගත් පිරිසක් අලුත්ගම බොන්දුපිටියේ පිහිටි පොලිස් නිලධාරීයෙකුගේ නිවසක් කොල්ල කා තිබේ.

03.විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් – ජනපති

 විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) ප්‍රකාශ කර තිබේ.

04.සරසවි කඩඉම් ලකුණු ගැන අභියාචනා ඉදිරිපත් කිරීමට සිසුන්ට මසක කාලයක්…

 2021 උසස් පෙළ ප්‍රතිඵල මත නිකුත් කළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට සිසුන්ට මාසයක කාලයක් ලබාදෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

05.භුමිතෙල් බවුසර් 87ක් ගොවීන් වෙනුවෙන් ඊයේ නිකුත් කෙරේ.. – ජනාධිපති අධ්‍යක්ෂක

දිස්ත්‍රික්ක 7ක ගොවීන් සඳහා පැවැති භුමිතෙල් හිඟය මගහැරී ගොස් ඇතැයි ප්‍රජා කටයුතු පිළිබඳව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

විදෙස් පුවත්

01.හිට්ලර් යක්ෂයෙක් – හිට්ලර් පාලනය ගැන අමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්

 ඇඩොල්ෆ් හිට්ලර් කියන්නේ මේ ලොකේ හිටපු අමානූෂීය ඒකාධිපති පාලකයෙකි.

ක්‍රීඩා පුවත්

01.නෙදර්ලන්තය හමුවේ අමෙරිකාවට ගෝල 3ට 1ක දරුණු පරාජයක්.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ පළමු තරගය අමෙරිකා කණ්ඩායම පරාජය කරමින් ගෝල 3 ට 1 ක් ලෙස නෙදර්ලන්තය ජය ගත්තේ ය.