.webp)
සෙමෙරු ගිනි කන්ද පුපුරා යාමෙන් පසුව, ඉන්දුනීසියාවේ ආපදා අවම කිරීමේ ඒජන්සිය(BNPB) ඉරිදා(03) පැවසුවේ පුද්ගලයින් 1,979 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 11කට ගෙන ගොස් ඇති අතර බලධාරීන් නිවැසියන්ට මුහුණු ආවරණ බෙදා හැර ඇති බවයි.
කිසිදු හානියක් පිළිබඳ වාර්තා නොමැති අතර ඉන්දුනීසියාවේ ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේ ගුවන් ගමන්වලට කිසිදු බලපෑමක් නොමැති නමුත් සුපරීක්ෂාකාරීව කටයුතු කිරීම සඳහා කලාපීය ගුවන් තොටුපළ දෙකකට දැනුම් දී ඇති බවයි.
"අද උදෑසන සිට බොහෝ මාර්ග වසා දමා ඇති අතර දැන් ගිනි කඳු අළු වැසි ඇද හැලෙන අතර එය කන්දේ දර්ශනය ආවරණය කර ඇත" යනුවෙන් ප්‍රජා ස්වේච්ඡා සේවක Bayu Deny Alfianto ගිනි කන්ද අසල සිට දුරකථනයෙන් රොයිටර් වෙත පැවසීය.
ජකර්තා අගනුවරට ගිනිකොන දෙසින් කිලෝමීටර් 640ක් (සැතපුම් 400ක්) පමණ දුරින් පිහිටි සෙමෙරු කන්ද අසල වෙසෙන වැසියන්ට ගිනි කන්දෙන් කිලෝමීටර 8ක් (සැතපුම් 4.9ක්) ඇතුළත කිසිදු ක්‍රියාකාරකමක් සිදු නොකරන ලෙසත් ගංගා ඉවුරෙන් ඈත්ව සිටින ලෙසත් පෙර දින BNPB අනතුරු අඟවා තිබුණි.