ලබන වසරේදි 5G ලැබෙයිද ?

ලබන වසරේදි 5G ලැබෙයිද ?

by Staff writer 04-12-2022 | 9:33 AM

COLOMBO ( News 1 st ) - ලබන වසරේදි 5G තාක්ෂණයට අදාළ වාණිජ කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

කොමිෂන් සභාවේ නිලධාරින් ඒ බව පවසා ඇත්තේ, පසුගියදා පැවති තාක්ෂණ කටයුතු පිළිබඳ  අමාත්‍යාංශය උපදේශක කාරක සභාවේදීයි.

අන්තර්ජාල සැපයුම් සමාගම්වලට 5G තාක්ෂණය සඳහා අවසර ලබා දීම පිළිබදව ද  එහිදී සාකච්ඡාකර තිබේ.