
මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර බෙදා දීම හෙට සිට
මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර බෙදා දීම හෙට සිට
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර බෙදා දීම හෙට(05) සිට ආරම්භ කරන බව කොමර්ෂල් පොහොර සමාගම පවසයි.
එහි සභාපති ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876 ක් මෙවර බෙදා හරින බවයි.
ඊයේ(03) ලැබුණු යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,500ක තොගය බෙදා හැර ඇතැයි ද කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය.
දිස්ත්‍රික්ක 25 සඳහා යූරියා මෙට්‍රික් ටොන් 54,000 ක් මේවන විටත් බෙදා හැර ඇති බවත් , එසේම අනුරාධපුර හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක සඳහා මෙට්‍රික් ටොන් 1000 ක් අද දිනයේ බෙදා හැරි බවත් ඔහු ප්‍රකාශ කළේ ය.
ලක් පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් මඟින් ඉදිරි සතියේදී යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,500 ක බෙදා හැරීම් සිදු කිරීමට නියමිතයි.
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
- විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි
- තුර්කියේ මුදා ගැනීම්වලට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්