
දරුවන් වෙනුවෙන් සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි
දරුවන් වෙනුවෙන් සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි
කර්තෘ Staff writer
COLOMBO (News 1 st ) – ළමුන්ගේ අසාමාන්‍ය හැසිරීම් සම්බන්ධයෙන් දෙමව්පියන් විශේෂ අවධානයක් යොමුකළ යුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසූරිය මහතා පෙන්වා දෙන්නේ ළමුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බවයි.
ඔහු පෙන්වා දෙන්නේ පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය අලෙවි කිරීම් වාර්තාවන බවත් දරුවන් මේ කෙරෙහි යොමු වීමක් ද හඳුනා ගෙන ඇති බවයි.
මේ හේතුවෙන් දරුවාගේ හැසීරිම් රටාවන් පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් , දරුවන්ගේ නිදිබර ස්වභාවයන් හෝ වෙනදාට වඩා වෙනස් දිනචර්යාවන් පවතී නම් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත් ඔහු දෙමාපියන්ට අවධාරණය කර තිබේ.
අන්තර්ජාලය ද සිදුවන මෙවැනි ක්‍රියාකාරකම් කෙරෙහි අවධානයෙන් පසුවන ලෙසද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසුරිය මහතා පෙන්වා දී තිබේ.
- ගිනිගත්හේනේ නිවසක අබිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්
- අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන දෙන්න…. ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්
- මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය
- ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
- 20යි 20 ලෝක කුසලාන කාන්තා පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව පැරදු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
- භූ කම්පනවලින් මියගිය ගණන 12,000 පනී.. මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද බවට තුර්කි වැසියන්ගෙන් චෝදනා..
- පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට
- ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි – ලංකා ගල්අඟුරු සමාගම කියයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇරඹු වර්ජනය අද උදෑසන 8.00 න් අවසන්
- ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ