.webp)
හිට්ලර් මේ දිනවල ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියන්නේ අපේ රටේ පමණක්ම නොවෙයි.
අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ලොව පුරා සිටින නාසි අන්තවාදීන්ට එරෙහිව ට්විටර් සටහනක් තබා තිබේ.
මෙය මෙම ට්විටර් පණිවුඩය පළ කිරීමට මුල් වූ හේතුව වුයේ, ප්‍රසිද්ධ රැප් ගායක කාන්යා වෙස්ට් සම්මුඛ සාකච්ඡා මාලාවකදී කර තිබූ ප්‍රකාශයක් මුල්කරගෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
කාන්ය වෙස්ට්ගේ එම ප්‍රකාශයේ දැක්වෙන්නේ, ''මම හිට්ලර් ගැන හොඳ දේවල් දකිමි", "මම හිට්ලර්ට කැමතියි" සහ "මම නාසීන්ට ආදරෙයි" යනුවෙනි.
මෙම ප්‍රකාශයට විද්ධත්වය පළ කරමින් අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් පළ කළ ට්විටර් පණිවුඩයේ මෙසේ සඳහන් කර තිබුණි.
''මට කරුණු කිහිපයක් පැහැදිලි කිරීමට අවශ්‍යයි. හිට්ලර් කියන්නේ යක්ෂ චරිතයක් ඔහුගේ ක්‍රියාවන්ට වේදිකාවක් දෙනවා වෙනුවට අපේ දේශපාලන නායකයන් කළ යුතු වන්නේ යුදෙව්වන් කෙරෙහි තිබෙන විරෝධය කොතැනක සැඟවුණත්. එය ප්‍රතික්ෂේප කිරීමයි. නිෂ්ශබ්ධව සිටීම යනු සහයෝගය ලබාදීමක්''
කාන්ය වෙස්ට් යුදෙව්වන්ගැන කළ ප්‍රකාශය හේතුවෙන් ඔහුට ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදු වී ඇති බවත් ඔහුගේ ට්විටර් ගිණුම අත්හිටුවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවන්හි සඳහන් ය.