කඩඉම් ලකුණු ගැන අභියාචනා ඉදිරිපත් කිරීමට මාසයක්..

සරසවි කඩඉම් ලකුණු ගැන අභියාචනා ඉදිරිපත් කිරීමට සිසුන්ට මසක කාලයක්...

by Staff writer 03-12-2022 | 6:46 AM

COLOMBO (News 1st) –  2021 උසස් පෙළ ප්‍රතිඵල මත නිකුත් කළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට සිසුන්ට මාසයක කාලයක් ලබාදෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ කඩඉම් ලකුණු ඊයේ(03) දහවල් නිකුත් කළ බවයි.
 
එම කඩඉම් ලකුණු මත මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් 41228 ක් බදවා ගැනිමට නියමිතයි.

සිසුන් 85,000කට අධික පිරිසක් මෙවර විශ්වවිද්‍යාල වෙත අයැදුම්පත් යොමු කර තිබුණි.