වෛරස් උණ:ළමුන් 60ක් පමණ දිනකට රෝහලට..

වෛරස් උණ වැළඳීමෙන් ළමුන් 60 ත් - 70 ත් අතර සංඛ්‍යාවක් දෛනිකව ළමා රෝහලට... - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 03-12-2022 | 6:58 AM

COLOMBO (News 1st) – වෛරස් උණ රෝගය වැළඳීම හේතුවෙන් දෛනිකව ළමුන් 60 ත් 70 ත් අතර සංඛ්‍යාවක් රෝහල්ගත වනබව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පැවසු‍වේ,ඒ අතර ඩෙංගු රෝගීන්ද වන බවයි.

වෛරස් උණ, ඩෙංගු සහ කොරෝනා යන රෝග තුනම මේ වනවිට සමාජය තුළ ව්‍යාප්තව පවතින බැවින් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවද ඔහු පැවසුවේ ය.