අලි සබ්‍රි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හමුවෙයි

විදේශ ඇමති අලි සබ්‍රි සහ අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අතර සාකච්ඡාවක්

by Staff writer 03-12-2022 | 10:28 AM

COLOMBO ( News 1 st ) - විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි හා අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්  ඇන්ටනි බ්ලින්කන් යන මහත්වරුන් අතර සාකච්ඡාවක් පැවැත්විය. 

මෙම සාකච්ඡාව අමෙරිකාවේ, වොෂින්ටන් නුවරදී පැවැති අතර විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය සමග පවත්නා සම්බන්ධතාවයන්  තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි මෙහිදී  අවධානය යොමු කළ බවය.

දෙරට අන්‍යෝන්‍යය වශයෙන් උනන්දුවක් දක්වන විෂයන් පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබේ.