හෙට වෙනුවෙන් පෙරට යන්න ගමටම දැන් අලුත් මගක්

වැල්දෙණිය ගම වැසියන්ගේ ජීවිතවලට අලුත් බලාපොරොත්තුවක් දුන් ගම්මැද්ද

by Staff writer 03-12-2022 | 7:17 PM

COLOMBO (News 1st) - වැහි කාලෙට දරුවන්ව ඉස්කොලේ යවන්නේ නැත්ව ගෙදර තියාගන්න ගමක් ගැන ඔබ අහලා තියෙනවා ද?

ඇළ පරක් මහා ජල පාරක් විදිහට චණ්ඩ වුණාම ඒ ගමේ දරුවන්ට ඉස්කෝලය යන්න වෙන්නේ නැහැ.

අද ඉඳල ඒ දරුවන්ට වගේම ඒ ගමේ ජනතාවට අලුත් අනාගතයක් උදා විය.

මේ කෑගල්ල, දෙහිඕවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වැල්දෙණිය ගම.

රූස්සෙට මේ වටේ තියෙන රබර් ගස් ටික මේ මිනිස්සුන්ගේ දරු පවුල් ජීවත් කරවන්න උදව් කරයි.

වැල්දෙණිය ගමට යන්න තියෙන්නේ මේ ඇළ හාරහාය.

හැමදාම ඉස්කෝලේ යන දරුවෝ මේ ඇළ ගාවට ඇවිල්ලා සපත්තු මේස් ගලවලා දොළ පාර හරහා අකුරු කරන්න යනු ඇත.

එත් වැහි කාලෙට මේ ඇළ චණ්ඩයි.

වැස්ස වැඩි වෙනකොට මේ දරුවෝ වගේම රබර් කිරි කපන මේ අහිංසන අම්මලා තාත්තලා ඉවුරු දෙකට කොටු වෙයි.

මේ ප්‍රශ්නේ කියන්න පුළුවන් හැම තැනකටම කිව්වත් හැම තැනින්ම වැල්දෙණිය ගම හුදකලා වී තිබේ.

මේ ජීවිතවලට අලුත් බලාපොරොත්තුවක් දෙන පොරොන්දුව ගම්මැද්ද භාර ගත්තේ, පසුගිය අගෝස්තු 26 වෙනි දායි.

ඒ, සුරක්ෂීතව මේ ඇළ හරහා ගමන්න කරන්න පාලමක් හදලා දෙනවා කියන පොරොන්දුවත් එක්කය.

ඒ සඳහා ගම්මැද්දත් එක්ක එක් වුණු කොළඹ පදිංචි කුෂ්ලානි අමරසුරිය මහත්මිය අත්වැල් බැඳගත්තා ය. 

මාස 3 ක් වගේ කෙටි කාලයක් තුළ මේ පාලමේ වැඩකටයුතු ඉවර කරලා වැල්දෙණියට අලුත් පාලමක් දෙන්න ගම්මැද්ද අද මුල පිරුවේ ය.

මේ අවස්ථාවට දෙහිඕවිට සහකාර ප්‍රාදේශිය ලේකම් ඉසුරු සමරතුංග, කුෂ්ලානි අමරසූරිය මහත්මිය, ඇහැලියගොඩ උපපොලිස් පරීක්ෂක නිමලරත්න, ස්ටයින් ස්ටූඩියෝ ප්‍රධාන විධායක නිලධාරී චන්දන සූරියබණ්ඩාර සහ ගම්මැද්ද නායක ශෙවාන් ඩැනියෙල් මහාතා ඇතුළු පිරිසක් එක් විය.

මේ මුහුණුවල තියෙන සිනහාවල හැංගිච්ච අහිංසක බලාපොරොත්තු ගොඩක් ඇත.

අයේ සපත්තු ගලවලා ඉස්කෝලේ යන්න ඕනේ නෑ.

අම්මයි තාත්තයි රබර් කපලා වැහි දාට ගෙදර එනකම් මේ දරුපැටව්ට බයේ හූල්ලන්න ඕනේ නෑ.

වැහින කොට ඉවුරු දෙකට කොටු වෙන්න ඕනේ නෑ.

දැන් වැල්දෙණිය ගම් හුදකලා නෑ.

ගම්මැද්ද කියන්නේ නාමපදයකට එහා ගිය ක්‍රියාපදයකි.

ගම්මැද්ද කියන්නේ ජනතාව හදපු ජනතාව ඉදිරියට ගෙන යන ජනතාව ආරක්ෂා කරන ජනතාවගේ ක්‍රියාන්විතයකි.