.webp)
COLOMBO (News 1st) – මන්දපෝෂණයෙන් පෙළන ළමුන් සඳහා පෝෂණ මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ, ඔවුන් වෙනුවෙන් ත්‍රිපෝෂ ලබාදීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.
පසුගියදා කළ සමීක්ෂණයෙන් දිවයින පුරා මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 20,000ත් - 30,000ත් අතර සංඛ්‍යාවක් හඳුනා ගැණින.
ලේකම්වරයා ප්‍රකාශ කලේ එම ළමුන්ගේ පෝෂණය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක් වෙන්කර ඇති බවයි.