භුමිතෙල් බවුසර් 87ක් ගොවීන් වෙනුවෙන් නිකුත් කෙරේ

භුමිතෙල් බවුසර් 87ක් ගොවීන් වෙනුවෙන් ඊයේ නිකුත් කෙරේ.. - ජනාධිපති අධ්‍යක්ෂක -

by Staff writer 03-12-2022 | 7:35 AM

COLOMBO (News 1st) –  දිස්ත්‍රික්ක 7ක ගොවීන් සඳහා පැවැති භුමිතෙල් හිඟය මගහැරී ගොස් ඇතැයි ප්‍රජා කටයුතු පිළිබඳව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ඔහු පැවසුවේ ඊයේ (02)දිනයේ පමණක් ගොවීන් වෙනුවෙන් භුමිතෙල් බවුසර් 87ක් නිකුත් කර ඇති බවයි.

කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවීන්ට අවශ්‍ය භුමිතෙල් බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේ ය.