.webp)
චීන ආයෝජකයින් ඒ බව සඳහන් කර ඇත්තේ, ඊයේ දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේදීයි.
ත්‍රිකුණාමලය, හම්බන්තොට ඇතුළු කර්මාන්ත කලාපවල එම කර්මාන්ත ආරම්භ කිරීමට කැමැත්ත පළ තර තිබේ.
ආයෝජනයට හිතකර වාතාවරණයක් ඇති කිරීම සඳහා යෝජිත ප්‍රතිසංස්කරණ නුදුරේදීම ක්‍රියාත්මක කරන බවත් සෘජු විදේශ ආයෝජන සඳහා අමතර පහසුකම් කිහිපයක් ලබා දෙන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී ඔවුන්ට සහතික වී ඇත.
ශෙන්සෙන් සොන් සුආන්ග් ඉදිකිරීම් ආයතනයේ සභාපති ෂුවාන් සොන්ග් මහතා එහිදී පවසා ඇත්තේ, ඉලෙක්ට්‍රොනික හා අධිනිරවද්‍යතාවයෙන් යුත් නිෂ්පාදනයන්, සූර්ය බල ශක්තිය, අධිවේගී බලශක්ති ගබඩා ඒකක, ස්මාර්ට් ග්‍රිඩ්, වැනි ක්ෂේත්‍ර කිහිපයක ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බවයි.