පෘතුගාලය පරාජය කළ ද. කොරියාව සුපිරි 16 වටයට

ප්‍රබල පෘතුගාලය පරාජය කළ දකුණු කොරියාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට

by Staff writer 03-12-2022 | 7:01 AM

COLOMBO (News 1 st ) - දකුණු කොරියාව 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය. 

ඒ ප්‍රබල පෘතුගාලය පරාජය කරමිනි.

දකුණු කොරියාව සහ පෘතුගාලය අතර තරගය පැවැත්වුණේ දෝහා හී එඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණයේදීය.

තරගයේ 5 වන විනාඩියේදී පෘතුගාලය පළමු ගෝලය වාර්තා කළේ තරගයට හොඳ ආරම්භයක් ලබා ගනිමිනි.

කෙසේ වෙතත් තරගයේ 27වන විනාඩියේදී ක්‍රියාත්මක වු දකුණු කොරියාව ද ගෝලයක් වාර්තා කළ අතර ඒ අනුව පළමු අර්ධය නිමා වුණේ ගෝල 1 - 1ක් ලෙසය.

දෙවන අර්ධය වඩාත් උණුසුම් වු අතර තරගයේ හිමි වු අතිරේක කාලයේදී දකුණු කොරියාව ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට සමත් විය.

ඒ අනුව ඔවුන් සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ H කාණ්ඩයේ දෙවන ස්ථානයට පත් වෙමිනි.

H කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින පෘතුගාලය ද මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.


මේ අතර ස්විට්සර්ලන්තය ද සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ සර්බියාවට එරෙහිව පැවැති තරගය ගෝල 3 - 2ක් ලෙස ජය ගැනීමත් සමගිනි.