.webp)
කටාර්හි කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවත්විණි.
ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ ගෝල රැස් කිරීම ආරම්භ කළේ නෙදර්ලන්තයයි.
තරගයේ 10වන මිනිත්තුවේදී මෙම්ෆිස් ඩිපේ නෙදර්ලන්තය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ ය.
පළමු අර්ධය අවසානයේ ලැබූ අතිරේක කාලයේ පළමු මිනිත්තුවේදී නැවතත් ක්‍රියාත්මක වන නෙදර්ලන්තය දෙවන ගෝලය වාර්තා කළ අතර එම ගෝලයට හිමිකම් කීවේ ඩේලි බ්ලින්ඩ්.
මේ අතර සුපිරි 16 දෙනාගේ තරග වටයේ දෙවැනි තරගය ප්‍රබල ආර්ජන්ටිනා සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර පැවැත් වීමට නියමිතයි.
කටාර්හී අහමඩ් බින් අලී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් හෙට අලුයම 12යි 30ට ආරම්භ වේ.
තරගාවලියේ සියලු තරග ඔබට සජීවීව ටී වී වන් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.