.webp)
පොලීසිය සඳහන් කළේ, උතුරු කළුතර පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාගේ නිවස අද (03) පෙරවරු 10.30 ට පමණ එලෙස කොල්ල කා ඇති බවයි.
ගිනි අවියක් ද අතැතිව පැමිණි පස්දෙනකුගෙන් යුත් කොල්ල කල්ලිය නිවසට ඇතුළු වී ජංගම දුරකතන 2 ක්, රත්‍රන් මුද්දක් සහ මුදල් කොල්ලා කා ඇති බව පොලීසිය පැවසීය.
කොල්ල කල්ලිය කඩාවදින මොහොතේ පොලිස් පරීක්ෂකවරයා නිවසේ සිට නොමැති අතර නිවසේ සිට ඇති පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ සහ දරුවන් පමණි.
පොලිස් නිල සුනඛයින් ද යොදා ගනිමින් කොල්ලකරුවන් සොයා වැලිපැන්නපොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.