අද රාත්‍රියේ මහ වැසි..

අද රාත්‍රියේ මහ වැසි.. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්

by Staff writer 03-12-2022 | 7:35 PM

COLOMBO (News 1st) - අද (3) රාත්‍රී10.00 දක්වා මාධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, උතුරු-මැද, දකුණ සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ,  ජනතාවට අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවරක් අනුගමනය කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.