.webp)
COLOMBO ( News 1 st ) – මාවනැල්ල, මානික්කාව වත්ත, හිඟුල ප්රදේශයේ පදිංචි ආරච්චිගේ විදුෂික නවාංජන බණ්ඩාර නම් තරුණයා අතුරුදන් වී ඇති අතර ඔහු සොයා ගැනීමට පොලිසිය මහජනතාවගේ සහය ඉල්ලා සිටී.
අවුරුදු 20ක් වයසැති මෙම තරුණයාගේ අතුරුදන් වීම පිළිබඳව ඔහුගේ මව විසින් මාවනැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය දැනුම් දෙන්නේ, උස අඩි 05 අගල් 07 ක් වන මොහු තලෙළු පැහැයකින් යුතු කොණ්ඩය පැත්තට පීරා සිටින තරුණයෙකු බවය.
අවසන් වරට කොළ පැහැති අත් දිග ෂර්ට් එකක් හා නිල් පැහැති ඩෙනිම් කොට කලිසමක් ඇඳ කළු පැහැති කැප් එකක් පැළැඳ සිට තිබේ.
මෙම තරුණයා පිළිබඳව යම් තොරතුරක් දන්නා අයෙකු වේ නම් ,
?මාවනැල්ල පොලිස් ස්ථානාධිපති - 071 - 8591418 හෝ
?මාවනැල්ල පොලිස් ස්ථානය - 035 - 2247222
යන දුරකතන අංකයවලට දැනුම් දෙන්නැයි ජාතික පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.