
මේ දවස්වල පැතිරෙන වෛරස් රෝගය කුමක් ද?
මේ දවස්වල පැතිරෙන වෛරස් රෝගය කුමක් ද?
කර්තෘ Hashini De Mel
COLOMBO (News 1st) – මේ දිනවල ගමේ ඩිස්පෙන්සරිය ඉස්පිරිතාලෙ OPD එකේ, කැස්ස හෙම්බිරිස්සාව, උණ, ඇඟපත වේදනාව, වැනි රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ වැඩිවීමක් දැක ගත හැකියි.
කොරෝනා ගැනත් මේ වනවිට සමාජයේ වැඩි හාවක් හූවක් නැති නිසා මේ වගේ රෝග ලක්ෂණ එද්දී ආයෙත් සිත් තුළ අපේ චකිතයක් නැතුවම නොවේ.
කෙසේ වෙතත් බාල තරුණ මහලු භේදයකින් නැතිව මේ දිනවල පැතිරී යන රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන හා පුහුණු හා පර්යේෂණ කටයුතු භාර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් විමසීමක් කළෙමු.
මොකක්ද මේ වෛරසය?
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, වසර අවසානයේ ශීත කාලය එළැඹීමත් සමග මෙවැනි තත්ත්වයන් ඇතිවීම සමාන්‍ය බවයි.
ඒ අනුව, ස්වසන පද්ධතිය ආශ්රිත ස්වසන රෝග ඇති වීම බහුල බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
මෙම තත්ත්වයට මුහුණ දෙන අවදානම් කාණ්ඩ,
* කුඩා දරුවන්
* ගර්භණී මව්වරුන්
* විවිධ රෝගවලින් පෙළෙන පුද්ගලයින්
* වයස්ගත පුද්ගලයින්
මෙම වෛරස් තත්ත්වයන්ගෙන් ආරක්ෂා වන්නේ කෙසේ ද?
කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වූ පරිදි,
* සමාජ දුරස්ථභාවය
* මුහුණු ආවරණ පැළඳීම
* අත් පා පිරිසිදුව තබා ගැනීම
* සිප වැළඳ ගැනීම් නොකිරීම
ඇතිවන රෝග ලක්ෂණ මොනවා ද ?
*කැස්ස
*හෙම්බිරිස්සාව
* උණ
* අතපය වේදනාව
අධිඅවදානම් කෙනෙක් නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.
මෙම රෝග ලක්ෂණ පවතින සාමාන්‍ය පුද්ගයෙකු නම්, විවේකීව කාලය ගත කළ යුතු අතර, පැරසිටමෝල් භාවිතය සුදුසු වේ.
- අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන දෙන්න…. ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්
- මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය
- ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
- 20යි 20 ලෝක කුසලාන කාන්තා පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව පැරදු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
- භූ කම්පනවලින් මියගිය ගණන 12,000 පනී.. මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද බවට තුර්කි වැසියන්ගෙන් චෝදනා..
- පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට
- ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි – ලංකා ගල්අඟුරු සමාගම කියයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇරඹු වර්ජනය අද උදෑසන 8.00 න් අවසන්
- ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්