මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන්ට පෝෂණ මල්ලක්..

මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන්ට පෝෂණ මල්ලක්..

මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන්ට පෝෂණ මල්ලක්..

කර්තෘ Staff writer

03 Dec, 2022 | 6:39 am

COLOMBO (News 1st) – මන්දපෝෂණයෙන් පෙළන ළමුන් සඳහා පෝෂණ මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

එහි ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ, ඔවුන් වෙනුවෙන් ත්‍රිපෝෂ ලබාදීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

පසුගියදා කළ සමීක්ෂණයෙන් දිවයින පුරා මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 20,000ත් – 30,000ත් අතර සංඛ්‍යාවක් හඳුනා ගැණින.

ලේකම්වරයා ප්‍රකාශ කලේ එම ළමුන්ගේ පෝෂණය වෙනුවෙන්  රුපියල් මිලියන 500 ක් වෙන්කර ඇති බවයි. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]