
ප්‍රබල පෘතුගාලය පරාජය කළ දකුණු කොරියාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට
ප්‍රබල පෘතුගාලය පරාජය කළ දකුණු කොරියාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට
කර්තෘ Staff writer
COLOMBO (News 1 st ) – දකුණු කොරියාව 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.
ඒ ප්‍රබල පෘතුගාලය පරාජය කරමිනි.
දකුණු කොරියාව සහ පෘතුගාලය අතර තරගය පැවැත්වුණේ දෝහා හී එඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණයේදීය.
තරගයේ 5 වන විනාඩියේදී පෘතුගාලය පළමු ගෝලය වාර්තා කළේ තරගයට හොඳ ආරම්භයක් ලබා ගනිමිනි.
කෙසේ වෙතත් තරගයේ 27වන විනාඩියේදී ක්‍රියාත්මක වු දකුණු කොරියාව ද ගෝලයක් වාර්තා කළ අතර ඒ අනුව පළමු අර්ධය නිමා වුණේ ගෝල 1 – 1ක් ලෙසය.
දෙවන අර්ධය වඩාත් උණුසුම් වු අතර තරගයේ හිමි වු අතිරේක කාලයේදී දකුණු කොරියාව ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට සමත් විය.
ඒ අනුව ඔවුන් සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ H කාණ්ඩයේ දෙවන ස්ථානයට පත් වෙමිනි.
H කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින පෘතුගාලය ද මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
මේ අතර ස්විට්සර්ලන්තය ද සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ සර්බියාවට එරෙහිව පැවැති තරගය ගෝල 3 – 2ක් ලෙස ජය ගැනීමත් සමගිනි.
- උතුරු, නැගෙනහිර විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එලෙසම පවත්වාගෙන යාම සුදුසුයි.. – ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
- අනවසර විදුලි කප්පාදුවක් නම් දැනුම් දෙන්න – මහජන උපයෝගිතා කොමිසම
- නිදහස් දින පෙරහුරුවට සහ නිදහස් දින උත්සවයට විශේෂ රථවාහන සැලැස්ම
- පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..
- වසර 66කට පසු එක්සත් රාජධානියේ මෝටර් රථ නිෂ්පාදනය පහතට
- 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුම් දීමක්..
- මැතිවරණ වියදම් නියාමන පනතට සහ පුනරුත්ථාපන කාර්යාංශ පනතට කතානායකගේ අත්සන..
- අද (27) මධ්‍යම රාත්‍රී සිට පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි