
T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුවීම් ගැන සොයා බැලීමට විමර්ශන කමිටුවක්
T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුවීම් ගැන සොයා බැලීමට විමර්ශන කමිටුවක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – මෙවර ICC පන්දුවාර 20යි 20 ලෝක කුසලානය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීමට විමර්ශන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කර ඇත.
එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ,
හිටපු අමාත්‍යාංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතා
විශ්‍රාමික රියාද් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා
හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන්ද අල්විස් මහතා සහ
නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු මහත්මිය යන අයයි.
2022.10.16 වන දින සිට 2022.11.13 වන දින දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත් වූ ICC පන්දුවාර 20යි 20 ලෝක කුසලානය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ මීට අදාළ සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීමට 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(3) වගන්තිය ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් මෙම කමිටුව පත් කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.
- පුංචි ඡන්දයේ පෙබරවාරි මාසයේ වියදම් වෙනුවෙන් රු. මිලියන 770ක් ඉල්ලා මැතිවරණ කොමිසමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්ට ලිපියක්
- මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙක් පත් කෙරේ..
- සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා සමග යුග දිවියට..
- වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක්
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක