2022 පාපන්දු ලෝක කුසලානය : කොස්ටරිකා කණ්ඩායමට එරෙහිව ප්‍රබල ජර්මනියට විශිෂ්ට ජයක්
2022 පාපන්දු ලෝක කුසලානය : කොස්ටරිකා කණ්ඩායමට එරෙහිව ප්‍රබල ජර්මනියට විශිෂ්ට ජයක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – කොස්ටරිකා කණ්ඩායම සහ ප්‍රබල ජර්මනිය අතර තරගය පැවැත්වුයේ,දෝහාහී අල් බයාත් ක්‍රීඩාංගනයේදී ය.
ඒ හැට හත් දහසකට අධික පිරිසක් ඉදිරියේදීයි.
තරගයේ පළමු අර්ධය තුළදීම ජර්මනිය තරගය තමන් වෙත හරවා ගත්තේ,තරගයේ 10 වැනි විනාඩියේ දී ගෝලයක් වාර්තා කරමිනි.
තරගයේ පළමු අර්ධය එසේ නිමා වුවත් තරගය අත් නොහළ කොස්ටරීකා කණ්ඩායම, දෙවන අර්ධයේ 58 සහ 70 විනාඩියේදී ගෝල රැස් කරමින් තරගය තමන් වෙත නතුකර ගැනීමට සමත් විය.
කෙසේ වෙතත් තරගය උණුසුම් මුහුණුවරක් ගත් අතර 73 . 85 සහ 89 යන විනාඩි වලදී ප්‍රබල ජර්මනිය ගෝල රැස් කළේ, පැමිණ සිටි ජර්මන් ප්‍රේක්ෂකයන් උද්දාමයට පත් කරමිනි.
ඒ අනුව ගෝල 4ට 2 ක් ලෙස ජර්මනිය ජය ගැනීමට සමත් විය.
කෙසේ වෙතත් ජර්මනියට 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණේ, සහභාගී වූ තරග 3න් එක් තරගයක් පමණක් ජය ගැනීම හේතුවෙනි.
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු ලබන සඳුදා
- බැඳුම්කර හිමියන්ගේ එකතුවෙන් IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක්
- 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර ගත සිරකරුවන් 588කට සහ රැඳවියන් 31ට ජනාධිපති සමාව
- ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට
- PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බවට ජනපතිට දැනුම් දෙයි
- නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්..
- විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී
- මින් පසු ‘Slave Island’ නෑ… කොම්පඤ්ඤ වීදිය පමණයි
- කරු ජයසූරිය මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි
- අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුවෙන් මතුවෙයි