.webp)
ඒ අනුව අදාළ ශ්‍රේණිගත කිරීම CCC සිට CC දක්වා පහත දැමුණි.
ෆිච් රේටින්ග්ස් ආයතනය 2022 ජූලි 14 දින සිට ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය ණයවලට අදාළ නිර්ණායක සම්බන්ධයෙන් නිරීක්ෂණ මට්ටමේ පවත්වා ගත්තත් දැන් ඉන් ශ්‍රී ලංකාව ඉවත් කොට ඇත.
ෆිච් රේටින්ග්ස් ආයතනය සිය නවතම ශ්‍රේණිගත කිරීම මගින් පෙන්වා දී ඇත්තේ අදාළ ණය ශ්‍රේණිය පහළ හෙළන බවයි.
පවතින ඉහළ පොලී අනුපාත හා දැඩි දේශීය මූල්‍යන කොන්දේසි හේතුවෙන් දේශීය දිගුකාලීන ණය පැහැරහැරීමේ අවදානමක් ඇති බව ද ෆිච් ආයතනය පෙන්වා දී ඇත.
දිගු කාලීන දේශීය ණය සඳහා පිළිගත නොහැකි ඉහළ පොලී ගෙවීමට සිදුවීම පිළිබඳව ද ඔවුන් සිය අවධානය යොමුකර තිබේ.