මෙරට වැඩිහිටි ජනගහනයේ ඉහළයාමක්

වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා ශ්‍රමිකයින් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක්

by Staff writer 02-12-2022 | 7:24 AM

COLOMBO ( News 1 st ) - වැඩිහිටියන් රැක බලා ගැනීමට විධිමත් පුහුණුවක් ලත් පිරිස් නොමැති වීම හේතුවෙන් ගැටලු රැසක් මතුව  ඇතැයි, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි. 

එහි අධ්‍යක්ෂ කපිල ලැනරෝල් මහතා ප්‍රකාශ කළේ,  වාර්ෂිකව මෙරට වැඩිහිටි ජනගහනය ඉහළ යමින් ඇති බවයි.

ගැටලුවට පිළියම් ලෙස වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා ශ්‍රමිකයින් පුහුණු කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.