වරාය අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සෙවීමට කමිටුවක්.

වරාය අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සෙවීමට කමිටුවක්..

by Staff writer 02-12-2022 | 8:02 AM

COLOMBO (News 1 st ) - ශ්‍රී  ලංකා වරාය අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සෙවීමට කමිටුවක් පත් කර තිබේ.

මෙම කමිටුව විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පත්කර ඇති අතර වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ, ලේකම් කේ. ඩී . එස් . රුවන් චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ  සාමාජිකයින් තුන් දෙනෙකුගෙන් එම කමිටුව සමන්විත බවයි.

කමිටු සාමාජිකයින් ලෙස පත් කර ඇත්තේ එම්.ඩී.එස්.ඒ. පෙරේරා, ගාමිණි කුමරසිරි හා කේ.ජී.පී.වසන්ත ගමගේ යන මහත්වරුන්.

වරාය අධිකාරියේ වෘත්තිය සමිති නියෝජිතයින්ට මෙන්ම අනෙකුත් පාර්ශවලට අධිකාරියේ සිදුව ඇතැයි කියන දුෂණ හා අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

එම පැමිණිලි සියල්ල විමර්ශනය කර මාස 6 ක් ඇතුළත කමිටු වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදිමට නියමිත බව අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.