ලොව වියදම් අධිකම නගර දෙක මෙන්න...

ලෝකයේ විශාලතම නගරවල සාමාන්‍ය ජීවන වියදම 8.1% කින් ඉහළට...

by Staff writer 02-12-2022 | 7:27 AM

COLOMBO (News 1 st ) - වාර්ෂික ආර්ථික බුද්ධි සමීක්ෂණයට අනුව ලොව  වියදම් අධිකම නගර බවට නිව්යෝර්ක් සහ සිංගප්පූරුව පත් වී තිබේ.

විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ  නිව්යෝර්ක් නගරය වියදම් අධිකම නගරය බවට පත්වූ ප්‍රථම අවස්ථාව ද මෙය බවයි.

පසුගිය වසරේ ලොව වියදම් අධිකම නගරය වූ ඊශ්‍රායලයේ ටෙල් අවිව් මෙම වසරේ තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර කෙසේ වෙතත් ලෝකයේ විශාලතම නගරවල සාමාන්‍ය ජීවන වියදම ගිය වසරට සාපේක්ෂව මේ වසරේදී  8.1% කින් ඉහළ ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.